( ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුවට නුදුරු ධීවර ගම්මානයක 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතල අපයෝජනයටය ලක්කළ එම ප‍්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි
පුද්ගලයෙකු  අද (11) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම වින්දිත දැරියගේ  අසල්වාසියෙකුවන  20 හැවිරිදි අයෙකි.
 
වින්දිත දැරිය මව සමඟ නින්දට ගොස් සිටියදී  මෙම තරුණයා විසින්  වින්දිත දැරිය ඇහැරවා නිවසින්  බැහැරට රැගෙන ගොස් ඇති අතර මව නින්දෙන් අවදිවී බලන විට සිය දියණිය  තමා අසල නොසිටීම හේතුවෙන් බියට පත්ව කෑගසා දියණිය සොයා ඇති අතර පසුව  පැමිණ දියණිය සියළු තතු මවට හෙළිකර ඇතැයි පොලීසිය කියයි.
 
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහල වෙත ඉදිරිපත්කර
ඇත. සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.