(ඩී.ජී.සුගතපාල)
කොළඹ සිට මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (13) පෙරවරුවේ කොස්ගොඩ දූවමෝදරදි විදුලි කණුවක හැපී දුම්රිය මාර්ගයට ඇදීගොස් අනතුරට පත්වි ය.

පොලිසිය පැවසුවේ මෙම ස්ථානයේ මහා මාර්ගයත්, දුම්රිය මාර්ගයත් එකිනෙකට සමාන්තරව පිහිටා ඇති අතර  රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මහා මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවකද හැපී දුම්රිය මාර්ගයට ඇදීගොස් බස් රථය නතරව ඇති බවයි.

මෙම අනතුරින් බසයේ කොන්දොස්තරවරයා තුවාල ලබා ඇති අතර මගීන්ට බර තල තුවාල සිදුව නැති බවද පොලිසිය පවසයි.

මේ නිසා කොළම සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පැයක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.