(ඩී.ජී.සුගතපාල)
 
මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනයවූ ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා අද (08) උදෑසන අහංගම හාතපැළැණේදි බස් රථයෙන් බිමට වැටි මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව ලං.ග.ම ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයාවු කදුරුවෙල පැරකුම් පෙදෙස අංක 838/1 පදිංචි  එල්.ඩබ්ලිව්.පී.ප්‍රසන්න ගුරුසිංහ නමැති 46 හැවිරිදි අයෙකි.
 
ඔහු පාපුවරවේ සිට ප්‍රවේශපත්‍ර නිකුත් කරමින් සිටියදි එක් වරම බස් රථයෙන් බිමට වැටි මුහුද අයිනේ  දමා තිබෙන කලුගලක හිස වැදිමෙන් බර පතල තුවාල ලබා ඇති අතර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
 
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලබන අතර මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්වීමට නියමිතය.