(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
කොග්ගල සංචාරක හෝටලයක් ඉදිරිපිටදී අද (20) මෝටර් රථයක් මාතර සිට කොළඹ දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් 6 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය කියයි.‍

මෙම අනතුරින් තුවාල ලැබූ 6 හැවිරිදි පිරිමි දරුවෙකුගේ තත්වය බරතල බවද පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනෙක් ළමුන් දෙ‍දෙනෙක් ඇතුළු හය දෙනෙක් ගමන් කරමින් සිට ඇත. මොවුන් අගනුවර පදිංචි කරුවන් පිරිසක් බවද පැවසේ. මෙම අනතුරින් මෝටර් රථයටද දැඩි හානි සිදුවි ඇත.

පොලීසිය පවසන්නේ ගාල්ල දිශා‍වේ සිට බසයක් පිටුපසින්  පැමිණි මෝටර් රථය එක් වරම දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව  ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වූ බවයි.

අනතුර සිදුකල බස් රථයේ රියැදුරා පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.

හබරාදුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.