(ඩබ්ලිව්.ඒ. අසේල)
 
බලපත්‍ර රහිතව තේක්ක දැව කඳන් විස්සක්  ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ලොරියද සමඟ  අද(11)  රන්දෙණිගල රජ මාවතේ හාරගම ප්‍රදේශයේදී  තලාතුඔය පොලිසීයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙනඇත.
 
ගුරුදෙණිය හාරගම ගෝනවත්ත ප්‍රදේශයේ ඉඩමකින් මෙම තේක්ක ගස් කපා ඇති අතර උදෑසන පැවති වර්ෂාවත් සමඟ  දැව කඳන් ප්‍රවාහනය  කර  ඇත.
 
දැව කඳන් සමඟ  ලොරිය හා එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම දැව පිළිබඳ වාර්තාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමෙන් පසු අදාල සැකකරුවන් හා දැව තොගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.