IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  නගරසභාවේ  සභාපතිවරයා  ලෙස මුස්ලිම්  මන්ත්‍රීවරයෙකු  පත්කිරීම  පිළිබඳව එම සභාවේ  මන්ත්‍රීවරියක විසින්  මුහුණ පොතේ උපහාසාත්මකව යමක්  සඳහන්  කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්  අද (21) සභාවේ  උණුසුම් තත්ත්වයක් ඇති  විය.

සභාපති ධුරය දැරූ චමික විමලසේන මහතා විනය පරීක්ෂණයක් සඳහා  මාස තුනකට  තාවකාලිකව  ඉවත්  කර උප සභාපති ලෙස කටයුතු කළ  මොහොමඩ් රූමි  මහතා  සභාපතිවරයා ලෙස ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කෙරිණි.

නව සභාපතිවරයා  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ  මුස්ලිම් ජාතිකයෙකු බැවින් එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා වීරසිංහ  මන්ත්‍රීවරිය විසින්  සිය මුහුණපොතේ  උපහාසාත්මක ප්‍රකාශයක් පළ කර ඇතැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නදීශාන් වික්‍රමආච්චි මහතා විසින් සභාවේදී ප්‍රකාශ කරන ලදී.

මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර වාග් ප්‍රහාරයක් ඇතිවී බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්වයක් ඇති විය.



අදහස් (0)

බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site