( සුදත් එච්. එම්. හේවා )
තලවකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි බඹරු ඇනීමෙන් එක් කාන්තාවක් අද (2) මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙම පිරිස අද එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් අද (2) පස්වරු 3.30 ඇනීමෙන් එම පිරිස තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එස්. පි. ජයලත් මහතා පැවුසවේ බඹරු ඇනීමෙන් කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු රෝහල් ගත කල බවත් එයින් එක් කාන්තාවක් මිය ගොස් ඇති බවත්ය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 59ක් වයසැති හලීමා බීබී නැමති අය බවත් එම අයගේ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විමට කටයුතු කරන බවද වැඩි දුරටත් පවසන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බබර ප්‍රහාරය පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඹරු ඇනීමෙන් කතක් මරුට