(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් අද (22) සවස් වන විට නිවාස 310 කට හානි සිදුවී ඇති බවත් පුද්ගලයින් 1100 කට අධික පිරිසක් පීඩාවට පත්වී ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම සුළං තත්ත්වය වැලිමඩ ,හල්දුම්මුල්ල, ඌවපරණගම මහියංගනය, කන්දකැටිය, රිදීමාලියද්ද සහ ලුණුගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට දැඩි ලෙස බලපෑ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ගස් කඩාවැටී නිවාස වලට හානිවීම් හා සෙවිලි තහඩු සුළඟේ ගසාගෙන යාම හේතුවෙන් නිවාස වලට හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව හල්දුම්මුල්ලේ නිවාස 86 ,වැලිමඩ නිවාස70, ඌවපරණගම නිවාස 20, මහියංගණය නිවාස 82, කන්දකැටිය නිවාස 18 ක් රිදීමාලියද්ද නිවාස 17 සහ ලුණුගල නිවාස 26 ක් හානි වී ඇති බවත් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන කඩිනමින් සැපයීමට කටයුතු යොදා ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ සුළං හේතුවෙන් නිවාස 310 කට හානි