Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 අප්‍රේල් මස 18 වන ඉරිදා
(සුදත් එච්. එම්. හේවා)
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමග එම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
ඔවුන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පී. සී. ආර්. වාර්ථාවන් ලැබීමෙන් පසු ආනාවරණයවූ පිරිසක් බවද එම නිලධාරියා පවසන ලදි.
මෙම 11දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් හදුනා ගත් 75 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පී. සී. ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.
මෙම වතුයායෙන් මෙසේ කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග කොවිඩ් පැතිරයාම පාලනය සදහා එම වතුයායට සංචර සීමා පැනවීමට පියවර ගත් බවද එම නිලධාරියා කීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.