IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොහොර නොමැති වීමෙන් පුත්තලම වගාබිම් වලින් එළවළු -පලතුරු සියයට 30ක් ඉවතට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසරකට ආසන්න කාලයක් නිසි ලෙස තම වගාවන් සදහා පොහොර සපයා ගැනිමේ දි පැවති ගැටළුව මේ වන විට උග්‍ර වි ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ එළවළු ඇතුළු සෙසු භෝග වගාකරුවෝ පවසති.

මෙම පොහොර හිගය තදින් මේ වන විට බලපා ඇත්තේ කල්පිටිය අර්ධද්විපයේ අක්කර 15000 කට ආසන්න වගාකර ඇති එළවළු හා පලතුරු වගා බිම් වෙත බව වගාකරුවන් පවසයි .

එසේම දිස්ත්‍රික්කයේ සෙසු එළවළු හා පළතුරු වගාකරුවන්ද තම වගාවට රසායනික පොහොර සපයා ගැනිමේදි බරපතලම ගැටලුවට මුහුණ දි ඇති බව කියයි.

ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30% වැඩි ප්‍රමාණයක් කල්පිටියේ වගා බිම් වලින් රට පුරා රැගෙන යාම දෛනිකව සිදුවන බව වගාකරුවන් පවසයි.

එසේ තිබියදී තම වගාවන්ට නිසි පොහොර නියමිත කාලය තුළදී නොලැබිම හේතුවෙන් වගා බිම් වල භෝගයන් නිසි ලෙස වර්ධනය නොවිම නිසාම වසරකට 30% වැඩි ප්‍රමාණයක අස්වැන්නක් අපතේ යන වගාකරුවෝ පවසති.

මේ පිලිබදව අදහස් දැක්වු දළුව කේ.එල් .පොඩි නිලමේ මහතා මෙසේ කීය.

“ කල්පිටිය කියන්නේ ලංකාවේ සුවිශේෂ වැදගත්කමක් ඇති කලාපයක් .මේ කලාපයේ එළවළ වගා කරන වගාකරුවන් 2000ක් විතර ඉන්නවා .ඒ සමගම අක්කර 10000 ක් විතර එළවළු හා පළතුරු වගා කරන පළාතක් ලෙස හදුන්වන්න පුළුවන් .
නමුත් අපිට දැනට වසරක ඉදලා නියමිත කාලයක පොහොර ටිකක් ලබා ගන්න බැරිව දුක් විදින තත්වයට මුහුන දිලා.
මේ නිසා වගාවන් වලට නියමිත වර් ධනය ලබා ගන්න බැරි තත්වයක් උදා වෙලා .කල්පිටියේ වැඩි පුරම පොහොර එකාධිකාරියක් මේ සදහා බලපාල තිබෙනවා .

නමුත් කිසිම වේලාවක ඒ සදහා රජය මැදිහත් විමක් වි නැහැ .දැනටත් එයමයි .අපි රජයට කියන්නේ නියමිත කාලයට මේ පොහොර ටික ලබා දෙන්න කියලා විතරයි.දළුව ඩබ්ලියු .එන්.එල් .ප්‍රනාන්දු මහතා මෙසේ කීය .

“ මේ වන විට කල්පිටියේ උග්‍ර පොහොර හිගයක් පවතිනවා .ඒ නිසාම අපිට උවමනා යුරියා පොහොර මිටියක් ලබා ගන්න පොහොර වෙළද සැලක ගිහාම අපේ වගාවට අනවශ්‍ය පොහොරත් අධික මිලක් දී ලබා ගන්න සිදු වෙලා . මේ ගැන කිසිම නිළධාරියකු කථා කරන්නේ නැහැ.



අදහස් (0)

පොහොර නොමැති වීමෙන් පුත්තලම වගාබිම් වලින් එළවළු -පලතුරු සියයට 30ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site