IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිහි ඇනුමකින් ත්‍රිරෝද රථ රියදුරෙක් මරුට

(ඩබ්ලිව්.ඒ. අසේල)

අද (14) සවස තලාතුඔය පොලිස් වසමේ මයිලපිටියේ ගල්ලිද   ත්‍රිරෝද රථ ගාලේදී  ත්‍රිරෝද රථ රියදුරෙකු පිහියෙන් කොටා ඝාතනය කර ඇත.

මියගිය පුද්ගලයා හා පිහි පහර එල්ල කල අය එම ප්‍රදේශයේම කාන්තාවක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විහිළුවක් දුරදිග යාමෙන් ඇතිවූ ආරාවුලක් මෙම ඝාතනයට හේතුවී ඇත.

රණ්ඩුව අතරතුර  අසළ ඇති එළවළු කඩයකට දිව ගිය සැකකරු එහි තබූ පිහියක් ගෙන  මෙම ත්‍රි රෝද රථ රියදුරුට කොටා ඇත.

පසුව අසල සිටි පුද්ගලයින් විසින් ඔහුව මාරස්සන රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇත. පිහි පහරින් ඇතිවූ දරුණු කැපුම් තුවාල හේතුවෙන් ඔහු මිය යන්නට හේතුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම ත්‍රී රෝද රථගාලේ ත්‍රි රෝද රථ රියදුරෙකු වූ ගල්ලිඳ පදිංචි වයස අවුරුදු 38ක් වන කේ.ජී. වීරසූරිය නැමති විවාහක පුද්ගලයෙකි.

පිහි පහර එල්ල කළ සැකකරු වන එච්.එම්. ප්‍රියන්ත කුමාර හා ඔහුගේ මිතුරෙකු වන මයිලපිටිය අපොන්සුවත්තේ පදිංචි නලින් මංජුල නැමති අයද තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හෙට දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී හෙට (15) දින පැවැත්වීමට නියමිතය.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකොන් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබේ.



අදහස් (0)

පිහි ඇනුමකින් ත්‍රිරෝද රථ රියදුරෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site