IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පියා ඝාතනය කළැයි පුතා සැකපිට අත්අඩංගුවට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
වටවල ප්‍රදේශයේ ඉකුත්(09) දා කළ පුද්ගල ඝාතනය සම්බන්ධව මියගිය පුද්ගලයාගේ පුතා ද සැකපිට අද(11)  අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් මීට ඉහත මිය ගිය තැනැත්තාගේ බිරිඳව ද අත්අඩංගුවට ගෙන තිබිණි.

සිය නිවස තුළදී බිරිඳගේ පහර කෑමට ලක්ව මියගිය පුද්ගලයකු සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කළ බව වටවල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්වුයේ, වටවල පොලිස් වසමට අයත්, වටවල පදිංචිව සිටි ආරුමුගම් ජේරාමන් (45) නැමති තිදරු පියෙකි.

ඉකුත්  (08) දා  රාත්‍රියේ  9.00 ට පමණ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා බිරිඳ  යකඩ පොල්ලකින් සිය සැමියාගේ හිස හා ගෙල  ප්‍රදේශවලට පහර දී ඝාතනය කළ බවට එම කාන්තාව විසින්ම පොලිසිය වෙත කළ පාපොච්චාරණයකට අනුව වටවල පොලිසිය විසින් මෙම මිනීමැරුම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළේය.
 
මෙම සිද්ධියට අදාළ ස්ථානය (09)දා පරීක්ෂා කළ   හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහල වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කළේය.
 
දික්ඔය මූලික රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉනෝකා රත්නායක මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය ගෙල තදින්  සිරකර සිදුකළ මිනීමැරුමක් බවට නිගමනය කළාය.  
 
අත්අඩංගුවට ගෙන තිබෙන ඔහුගේ බිරිද වන සැකකාරියට පමණක් එම කටයුත්ත සිදුකළ නොහැකි බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය විසින්  කළ නිගමනය අනුව නැවත පරීක්ෂණ ආරම්භකළ වටවල පොලිසිය සැකකාරියගේ පුතා වන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11)  හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පියා ඝාතනය කළැයි පුතා සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site