IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් සිසුවියන්ට විහිළු කළ තරුණයෝ 4 ක් අත්අඩංගුවට

සිතුම් චතුරංග

           

වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ උපකාරක පංති සඳහා පැමිණෙන පාසල් සිසු සිසුවියන් හට උසුළුවිසුළු කරමින් මාර්ගයේ තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

කුරුමන්කාඩු උද්‍යාන මාර්ගයේ උපකාරක පංති සඳහා පැමිණෙන සිසුවියන්ට උසුළු විසුළු කරමින් අශෝභණ ලෙස හැසිරෙන තරුණයින් කණ්ඩායමක් පිළිබඳ වවුනියාව පොලිසිය වෙත ලැබුණ පැමිණිලි කිහිපයක් මත පොලිස් රථවාහන නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකාර තරුණයින් හා ඔවුන් පැමිණි නවීන පන්නයේ යතුරු පැදි හතරක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සවස් කාලයේ තරුණයින් පිරිස උපකාරක පංති අසලට පැමිණ මාර්ගය අවහිර කර තනිරෝදයෙන් යතුරුපැදි ධාවනය සිදුකරන බවත් එම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා බොහෝ පිරිසක් කලක සිට අපහසුතාවට පත්ව ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

තරුණයින් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණෙන අවස්ථාවලදී ඔවුන් අතුරුමාර්ග වලින් පැන යන බවද කීය.

පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් තරුණයින් පිරිස රාත්‍රී කාලයේ මුදලට යතුරුපැදි ධාවන තරගයේ යෙදෙන පිරිසක් බවටද සිදුකළ විමර්ශන වලදී තොරතුරු අනාවරණය විය.

අත්අඩංගුවට ගත් යතුරුපැදි සාමාන්‍ය යතුරු පැදියකට වඩා එන්ජින් ධාරිතාව වැඩි යතුරුපැදි බවද පොලිසිය අනාවරණය කළේය.

සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 - 20 අතර වයසේ පසුවන්නෝ වෙති. 

සැකකරුවන් අන්තරායකාරී, අපරික්ෂාකාරී අයුරින් රියධාවනය යන චෝදනා යටතේ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

පාසල් සිසුවියන්ට විහිළු කළ තරුණයෝ 4 ක් අත්අඩංගුවට

නිශාන් මෙන්ඩිස් Tuesday, 11 February 2020 09:58 AM

මේ ක්‍රමය දවයින පුරාම ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site