(ජයන්ත සමරකෝන්)
උත්සව සමය නිමිත්තෙන් පිටකොටුව හා කොටුව ප්‍රදේශයේ අද (9) සිදුකළ හදිසි පරීක්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර, පලතුරු අලෙවි කළ වෙළඳසැල් 65 ක් අතරින් 21 කට නඩු පැවරූ බව කොළඹ මහ නගර සභාව පවසයි.
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතාගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අංශ නිලධාරීහු 50 ක් පමණ මෙම පරීක්ෂාවට එක්වූහ.
එහිදී තොග ගබඩා, පලතුරු අලෙවිසල්, ආපනශාලා 65 ක් අතරින් 21 කට එරෙහිව නඩු පැවරූ බව නාගරික ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd