
(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පස්වෙනි වරටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අද (18) පෙරවරුවේ විවෘත කර තිබේ. වාන් දොරටු 10න් 4ක් අඩිය බැගින් විවෘත කළ බව පොළොන්නරුව කලාපබාර වාරි අධ්‍යක්ෂක එස්. කේ. හේවාගම මහතා පැවසීය.
දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයකට ඝන අඩි 560ක ජල කඳක් පිටතට යැවෙන බවත්, මෙවර මාස්කන්නයේ මහ වැසි ආරම්භවීමත් සමඟ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම හේතුවෙන් වැවේ වාන් දොරටු අද විවෘත කළ බවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා කීවේය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.