IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පදවිය පොලීසියේ රථ වාහන නඩුවලින් දිනකට ලක්ෂ 5 ක ආදායමක් රජයට

(උපාලි ආනන්ද)

පදවිය පොලිස් ස්ථානය මගින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවරූ රථ වාහන නඩු වලින් එක් දිනකදී පමණක් රුපියල්  ලක්ෂ පහක  දඩ  මුදලක් රජයට අය කර දීමට පදවිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු සමත්ව සිටිති.  

පදවිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මගින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවරූ මෙම රථ වාහන නඩුවලට අදාළ වැරදි  සඳහා  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද  අල්විස් මහතා මෙලෙස දඩ නියම කර ඇත.

බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත් නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත් නොමැති පුද්ගලයින්ට වාහන පැදවීමට ඉඩ ලබා දීම ඇතුළු චෝදනාවලට මෙලෙස දඩ නියමව ඇත.

දඩ නියම කර ඔවුන්ගේ  රියදුරු බලපත‍්‍ර ද අත් හිටුවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.



අදහස් (0)

පදවිය පොලීසියේ රථ වාහන නඩුවලින් දිනකට ලක්ෂ 5 ක ආදායමක් රජයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site