(ජයරත්න වික්‍රමාරච්චි)
ඉගිනිමිටිය ජලාශයේ වාන් ජලය ගලායන ඇළේ වැලි නීති විරෝධීව ට්‍රැක්ටර් 3 කට පටවමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් එම වැලි ට්‍රක්ටර් හා වැලි පැටවීමට යොදා ගත් සවල් 3ක්ද සමඟ අද( 24) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.
සැකකරුවන් ඉගිනිමිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් මොවුන් ඇදිරි නීතිය පවතින අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ට්‍රැක්ටර් තුනම ඇළට බස්සවා වැලි පැටවීම සිදුකර ඇති බවත් පොලීසිය සදහන් කළේය.
මේ පිළිබදව පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටළීම සිදුකළ බවත් එම අවස්ථාව වනවිට සැකකරුවන් අදාළ ට්‍රැක්ටර් තුනට වැලි කියුබ් එක හමාරක් පමණ පටවා තිබූ බවත් පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd