(ප‍්‍රභාත් නෙත්තසිංහ)
නාරම්මල පොල්ගහයාය ප‍්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අද (24) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පෙට‍්‍රල් බෝම්බ තුනක්, හමුදා නිල ඇඳුමක කොටස් සහ යතුරු පැදියක අංක තහඩුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
පෙට‍්‍රල් බෝම්බ තුනක් සහ යුද හමුදා නිල ඇඳුම් කොටස් සොයාගන්නා ලද්දේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාරම්මල ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුගේ නිවසේ තිබියදී බව පොලිසිය පැවැසීය.
මේ සම්බන්ධයෙන් එම අපේක්ෂකයා සහ ඔහුගේ පුත‍්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අසල නිවසක තරුණයෙකුගේ ජංගම දුරකතනයක පසුගිය 13 වෙනිදා සිදුවූ කෝලාහලයේ ෙවීඩියෝ දර්ශණ අඩංගුව තිබීම හේතුවෙන් එම තරුණයාද පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර හොරොම්බාව ප‍්‍රදේශයේ නිවසක් අසල ගෙවත්තක වළ දමා තිබූ සංයුක්ත තැටි 25 ක් ද සොයාගත් බව යුද හමුදාව කියයි. සෝදිසියේදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නාරම්මලින් පෙට‍්‍රල් බෝම්බ 3ක් - හමුදා ඇඳුමක කොටස් හමුවෙයි