(වයි .ඒ.එස්.විරවංශ සහ ලසන්ත නිරෝෂන පෙරේරා )
නායයෑමේ අවදානමක් හේතුවෙන් බළංගොඩ පෙටිටිගල වතුයායේ (ඉහළ බළංගොඩ කොටසේ) පවුල් 13 ක පුද්ගලයින් 56 දෙනෙකු අද (13) එම ස්ථාන වලින් ඉවත් කර එම වතුයායේ කෝවිලක තාවකාලිකව නතර කළ බව බළංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම පුද්ගලයින් පදිංචිව සිටින වතු නිවාස කාලයක සිට නායයෑමේ තර්ජනයට ලක්ව තිබිණි.
මෙම පුද්ගලයින්ට නිවාස ඉදිකිරිම සදහා ඉඩම් හඳුනාගෙන ඇති බවත් ඒ සදහා රජයෙන් මුදල් ලැබුණු විගස ඉඩම් නිදහස් කර නිවාස ඉදිකිරිමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය .
දැනට ඔවුන්ට පිසු ආහාර ලබාදිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd