(ක.ග.කරුණාරත්න)
පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 9 ක් පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා වෙත අද (19) නාමයෝජනා බාරදුන්නේය.
ලබාදුන් නාමයෝජනා ලැයිස්තු වලින් එක් පිළිගත් දේශපාලන පක්‍ෂයක සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප විය.
ශ්‍රීලංකාවේ සමාජවාදී පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව සහ දිසානායක ආරච්චිලාගේ ඩොනල්ඞ් කීර්ති මුදිත් දිසානායක යන අයගේ කණ්ඩායම් නායකත්වයෙන් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ලැයිස්තුව මෙසේ ප්‍රතික්ක්‍ෂේප විය.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට තරග වැදීමට නියමිත පිළිගත් දේශපාලන පක්‍ෂ ගණන 11ක් වන අතර ස්වාධීන කණ්ඩායම් ගණන 8කි.
එක් දේශපාලන පක්‍ෂයකින් සහ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයින් සංඛ්‍යාව 8ක් වන අතර දිස්ත්‍රික්කයට තෝරා ගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව පස් දෙනෙකි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දායකයින්ගේ ගණන 331,109 කි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශපාලන පක්ෂ 12 ක් පොළොන්නරුවෙන් නම් දෙති