(එච් එම් ධර්මපාල )
දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවීම නිසා අද (21) සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම සේවිකාව කරන්දෙනිය සිට රාජකාරි සදහා පැමිණෙන අතර අවසාන වශයෙන් පසුගිය සදුදා දින රාජකාරියට පැමිණ ඇති අතර , ඉන් අනතූරුව අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර සදහා රෝහල වෙත ගිය අවස්ථාවේ සිදුකල පී.සී.ආර්.පරීක්ෂණ වාර්ථාව ඉකුත් 20 වන දින ලැබී ඇති අතර එහි ඇයට වෛරසය ආසාදනයවී ඇතැයි අනාවරණයවී ඇත .
ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත.ඒ අනුව 21 වන දින සිට දෙහීවල ඇය සේවයකල තැපැල් කාර්යාලය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.