(ඩී.කේ.රත්න)
බදුල්ල දෙමෝදර හරහා ස්ප්‍රීංවැලි මාර්ගයේ ගවරවෙල ප්රදේශයේදී අද (05) මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ඇල්ල පොලිසිය කියයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ගයට ඉහළින් පිහිටි පස් කන්දක් මාර්ගයට කඩාවැටී ඇතැයි පොලිසිය කියයි.
පස් කන්ද කඩා වැටීමත් සමඟ දෙමෝදර ස්ප‍්‍රීංවැලි , බැද්දෙවෙල , නාවලගම ,බල්ලකෙටුව , ගවරවෙල , මේමලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
මෙම මාර්ගය යථා තත්වයට පත් කිරීම සඳහා ඇල්ල ප‍්‍රාදේශීය සභාවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd