IMG-LOGO

දෙපිරිසක ගැටුමකින් 6 ක් රෝහලේ

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල මහමෝදර පැලවත්ත ප්‍රදේශයේ දි දේපාර්ශවයක්  අතර ඇතිවු  ගැටුමකින් 06 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

පාපන්දු ක්‍රීඩා තරගයදි  ඇතිවු පැරණි ආරවුලක් සම්බන්දයෙන්  මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිසිය පවසයි.  
 
මොවුන් කඩු පොලුවලින්  පහරදිගෙන ඇති අතර යතුරුපැදි 04කට හා ත්‍රිරෝද රථයකට ද අලාභහානිවි ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙහිදි එක් කණ්ඩායමක්   පළමුව පැලවත්ත ගම්මනායට ගොස් ඇත.
 
එහිදි අනික් පාර්ශවයේ පිරිස මග හරස්කොට  මෙම පිරිස පලවා හැර ඇත. පසුව  ඔවුන් සන්නද්ධ වි තවත් පිරිසක් සමග යලි පැලවත්ත ගම්මානයට පැමිණ තිබේ.

 එහිදි දේපාර්ශවය අතර මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිසිය පවසයි. මෙකි ගැටුම සම්බන්දයෙන් පුද්ගලයින් 07 දෙනෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගැටුමට තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිතව ඇති බව පොලිසිය පවසයි

 ගාල්ල මුලස්ථාන පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ  පොලිස් නිලධාරින්  විසින් මෙකි ගැටුම පාලනය කිරිමට කටයුතු කරණු ලැබිය.
 
 ඊයේ රාත්‍රියේම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ, ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා ඇතුළු පොලිස් නිලධාරින් රාත්‍රියේම එම ස්ථානයට ගොස් ගැටුම සමතයකට පත් කිරිමට කටයුතු කරණු ලැබිය.
 
ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

දෙපිරිසක ගැටුමකින් 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 933 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site