IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙනියාය තැපැල් කාර්යාලයෙන් ඖෂධ නිවෙස්වලටම

(එස් .ඩි.කොඩිකාර )

කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමේ වැඩ පිළිවෙලක් උප තැපැල් කාර්යාල වල සහයෝගය ඇතිව  දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලය  සිදු කර ගෙන යන බව දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති පී.සමරසිංහ මහතා පැවසීය.

විශේෂයෙන්ම මෙය සිදු කරනු ලබන්නේ අදාල ප්‍රදේශයේ ලිපි බෙදන තැපැල්කරු විසින් බවත් ඔහුට අදාල රෝගියාගේ නම,ලිපිනය, දුරකථන අංකය ලබා දීමෙන් පසු අදාල ඖෂධ නිවසටම ගෙනවිත් දෙන බව  ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය .

මේ සම්බන්ධයෙන් දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කෝනාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ මෙවැන්නකි.

'සායන වලින් ඖෂධ ලබා ගන්නා  රෝගීන් කවුද කියලා අපි හඳුනාගෙන සිටිනවා. අපි එම රෝගීන්ගේ රෝග වාර්තාව ඇතුලත් පොත් දෙකක්  සකසා තිබෙන අතර ඉන් එකක් රෝගියාට ද අනෙක් පොත අදාල සායනයේ තබා ගන්නවා. එම පොත්වල රෝගීන් ගේ නම, දුරකථන අංකය ,ලිපිනය සඳහන් කර තිබෙනවා . ඉතිං  එම රෝගියා අවසන් මාසයේ පැමිණ  ලබාගත් ඖෂධ පැකට් කර අපි තැපැල් කාර්යාලයට භාර දුන් පසු එම ඖෂධ රෝගියාගේ නිවසට ගොස් භාර දීමට කටයුතු සලස්වනවා' යැයි ඒ මහතා  පැවසීය.



අදහස් (0)

දෙනියාය තැපැල් කාර්යාලයෙන් ඖෂධ නිවෙස්වලටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site