(ක. කරුණාරත්න)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ විසූ අලියකු අද (15) මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන අතර අලි සංක්‍රමණය වන අලි මංකඩකදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම අලියා ගැටී ඇත.
මිය ගිය අලියා වයස අවුරුදු 10 - 15 ක් පමණ අඩි 07 ක් පමණ උසැති පිරිමි සතෙකු බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
වනජීවී නිලධාරීහු සහ මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd