IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දිවුලපිටියටම එක ඔසුසැලයි

(විනීතා එම් ගමගේ)
 
දිවුලපිටියේ නගරයටම ඇත්තේ එකම එක ඖෂධ අලෙවි සැලක් පමණක් බවත් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවක දී පවා දිවුලපිටියේ ඖෂධ අවශ්‍ය සියලු දෙනාට එහි පැමිණ ඖෂධ ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි.
 
මෙවැනි ප්‍රශ්න ගණනාවකට ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී ජනතාව මුහුණ දෙන බව ද මන්ත්‍රීවරයා කියයි. 
 
නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා ආහාර හා අත්‍යවශය ඖෂධ වර්ග ලබා දීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ආණ්ඩුව මැදිහත්වී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙයි.
 
මේ වනවිට බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය ඉවත් කළද ගම්පහ ඇතුළු පොලිස් කොට්ඨාස ගණනාවක දිගටම ඇඳිරි නීතිය පවත්වාගෙන යන බව රජය නිවේදනය කර ඇතැයි පෙන්වා දුන් හේරත් මහතා ආහාර මෙන්ම ආහාර පාන ලබා ගැනීමට මුදල් ද බහුතර පිරිසකට නැතැයි  පෙන්වා දුන්නේය. විශේෂයෙන් නිරෝධායනය කර සිටින පවුල් සඳහා ආහාර මල්ලක් දුන්නත් එය ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය වන ඖෂධ ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහන සේවාවන්හි තත්ත්වය පිළිබඳව ලංකාදීප කළ විමසීමක දීය.
 
කොවිඞ් අරමුදල යොදාගෙන සමෘද්ධී නිලධාරින් හා ග්‍රාම නිලධාරින් හරහා මේ ප්‍රශ්නවලට පිළිතුරක් සකස් කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ඇඳිරි නීතිය මධ්‍යයේ ගම්පහ දිස්ත්‍රික්කයට සතියට දින දෙකක් කඩසාප්පු අරින්නට තීරණය කර ඇතත් එසේ විවෘත කළ කඩවල් වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැතැයි නිරික්ෂණය කළ බව පැවසූ හේරත් මහතා සුපිරි වෙළඳසැල්වල පවා පාරිභෝගිකයන් පෝලිමේ සිටිය දී භාණ්ඩ ඉවර වන බවත් සතොස හා සමුපකාරයේ තත්ත්වය ද මෙයම බවත් පැවැසීය.  



අදහස් (0)

දිවුලපිටියටම එක ඔසුසැලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site