(ප්‍රියානි මංගලිකා)
පන්නල පොලිස් වසමේ, ගෝනවිල දී සිය දියණියව පුද්ගලයන් දෙදෙනෙකුගේ අතවරයකින් බේරාගැනීමට තැත් කළ පියෙකුගේ දෑතට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වීමෙන්, තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලැබූ 60 හැවිරිදි පියා සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එම පුද්ගලයාගේ දියණිය, වැන්දඹු එක්දරු මවක බවද, මවුපියන් සමඟ කුලී වැඩ කරමින් දිවි ගෙවා ඇති බවද, මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසුව සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇතිබව ද, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
පන්නල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දියණියව අතවරයෙන් බේරීමට ගිය පියාට පිහිපහර