(හැටන් - සුදත් එම්. එම්. හේවා)
දික්ඔය ටිලරි වතුයාය වසා දැමිමට විරෝධය පල කරමින් එම වතුයායේ කම්කරුවන් පිරිසක් අද (21වැනිදා) හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේදි උද්ගෝෂණයක් පවත්වා ඇත.
කැලණිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය ටිලරි වතුයාය පසුගිය 11වන දින සිට වසා දමා ඇති බැවින් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම උද්ගෝෂකයෝ පවසති.
මේ නිසා වතුයායේ රැකියාවන් කර ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවත් තමන්ට මෙවර මාසික අත්තිකාරම් ලබා ගැනිමටද නොහැකි තත්වයක් පවතින බවද එම උද්ගෝෂකයෝ වැඩි දුරටත් පවසති.
පවතින අර්බුදකාරී තත්ත්වය විසදා ගැනිමට පියවර ගන්නා ලෙස කම්කරුවන් වතුයායේ පාලන අධිකාරියෙන් ඉල්ලා සිටිති.



2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දික්ඔය වතුයායේ කම්කරුවන් විරෝධයක