(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් 100දෙනෙකුට ආසන්න පිරිසකට දින කිහිපයක් තිස්සේ වරින්වර පාචනය, කලන්තය, වමනය රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හැටන් සිංගිමලේ රක්ෂිතයෙන් සහ දික්ඔය හැඩ්ලි තේ වත්තෙන් ගලා බසිනා ජල මුලාශ්‍ර හරස් කර හැටන් දික්ඔය දරවල ජනපදයට පානීය ජලය ලබාගෙන එම ජනපදයේ ඉහළ කඳු මුදුනේ ඉදි කර ඇති ජල ටැංකිවලට ජලය රැස් කර, එම ජලය කිසිදු පිරිපහදුවකින් තොරව පවුල් 160 කට පමණ බෙදා හරිනු ලබන්නේ එම ජනපදයේම සමිති දෙකක් විසින් බව පදිංචිකරුවෝ කියාසිටිති. ඔවුන් කියා සිටින්නේ වසර 12 කට ප්‍රථම තම ජනපදයට පානීය ජලය ලබාගත් බවත්, එදා සිට අද වන තෙක් තම ජනපදයේ පිහිටුවා ගන්නා ලද සමිති දෙක එදා සිට අද දක්වා ජනපදයට පානිය ජලය බෙදා හරින බවයි.
මෙසේ බෙදා හරිනු ලබන ජලය පානය කළ පිරිසක් ගත වු දින කිහිපය තුල දික්ඔය මුලික රෝහලෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර තවත් පිරිසක් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ඇති බව ඔවුහු කියති.
පානීය ජලයට විෂබීජයක් මුසුවීම හේතුවෙන් තම ජනපදයේ විශාල පිරිසක් එකවරම රෝගාතුර වන්නට ඇති බව එම ජනපදයේ පදිංචිකරුවෝ සැකකරති.
හැටන් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් විශාල පිරිසක් එකවරම රෝගාතුර විම සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු එම ජනපදයට පැමිණ පරීක්ෂණයක් සඳහා ජල සාම්පල් ලබාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ජලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද පියවර ගත් අතර එම ජනපදයේ ඉදිකර ඇති ජල ටැංකියේ ගබඩා කර තිබූ ජලයට ක්ලොරින්ද මුසු කළහ.
සිද්ධිය සැලවීමත් සමග නොර්වුඩ් ප්‍රාදේශීය සභාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පවත්නා තත්ත්වය මත එම ජනපදයේ වැසියන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දික්ඔය දරවල ජනපදයේ පානීය ජලයේ ගැටලුවකින් ජනතාව ලෙඩින්