(ක.ග.කරුණාරත්න)

බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්‍ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ගම්පොළ,උඩගෙඩිතැන්න,මැදගොඩ හංදිය පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකි.

අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගත කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කළේය.