(ශාන්ත චන්ද්‍රසිරි)
අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබියදී අද (29) සොයාගත් බව නානුඔය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය, ඇබස්බෝඩ් දෙමළ විදුහලේ 10 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙස්පෝඩ් වත්තේ පහල කොටසේ පදිංචි මහේන්ද්‍රන් යශෝදා (15) නැමැති පාසල් සිසුවියකගේ බවට පොලීසිය සොයා ගෙන තිබේ.
තම දියණිය ඊයේ (28) රාත්‍රී 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30 ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත ඇහරී බලන විට දියණිය නිවසේ කාමරයේ නොසිටි බවත් ඉන් පසුව නිවස ආසන්නයේ සෑම තැනකම සොයා ලැබු බවත් මියගිය දැරියගේ මව පොලීසියට පවසා තිබේ.
තේ දළු නෙලීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ මළසිරුර දැක පසුව පොලීසියට පවසා තිබිණි.
මෙලෙස අභිහරස් ලෙස මියගොස් ඇති දැරියගේ මළසිරුර පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරික්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගන්නා බව නානුඔය පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දැරියකගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි