(සමන් පාලිත නානායක්කාර)

 

හපුතලේ පිටරත්මලේ තේ කර්මාන්ත ශාලාවක දී  අද (24) සවස  කාන්තාවකගේ අතක්  තේ  සකසන යන්ත්‍රයට හසුවී බරපතල තුවාල ලබා  දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ  බව හපුතලේ පොලිසිය පවසයි.

කර්මාන්ත ශාලාවේ තේ සකසන රොට රේන්  යන්ත්‍රයකට මෙම කාන්තාවගේ වම් අත  හසුවී  ඇති බව පොලිසිය කියයි. 

මෙම කාන්තාවගේ වම් අතට  බරපතල තුවාල සිදු වී  ඇති  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

පිටරත්මලේ තේ කර්මාන්තශාලාවේ  සේවය කරන මෙම කාන්තාව  50 හැවිරිදි එම්. පේමාවතී නැමති  තිදරු  මවකි.

1990 ගිලන්රථ සේවයෙන් මෙම කාන්තාව කඩිනමින් රෝහලට ගෙනවිත් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ  පොලිසිය පරීක්ෂණ පවත්වයි.