(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
මාදුරුඔය ජාතික වන රක්ෂිතයේ වසර සිය ගණනක් පැරණි තේක්ක ගස් හොරට කපා ප්‍රවාහනය කරමින් සිටියදි තේක්ක කඳන් 72ක් සමග ලොරි රථයක් අද (04) අත් අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරිහු පැවසූහ.
වන රක්ෂිතයේ ගස් කපා ලොරියකට කඳන් 38ක් පටවාගෙන වනයේ සිට අරලගංවිල මාර්ගයට පැමිණෙමින්
සිටියදී වනජිවී නිලධාරින් වැටලීම සිදුකරන අවස්ථාවේ රියදුරු රථයෙන් බැස පලාගොස් තිබේ.
වනය තුළ සිදුකළ මෙහෙයුමකදී ප්‍රවාහනයට සූදානම් කරතිබූ තවත් තේක්ක දැව කඳන් 24ක්ද සොයාගත් බව එම වනජිවී නිලධාරිහු පැවසූහ.
වනයේ අක්කර 10000ක පමණ වසර 50ත්-100ත් අතර පැරණි මැරීගිය තේක්ක ගස් විශාල වශයෙන් තිබෙන
බව දැව ජාවාරම් කරුවන් සති දෙක තුනක් තිස්සේ කුඩාරම් වල රැදෙමින් දැව ජාවාරම සිදු කර තිබෙන බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති.
අත් අඩංගුවට ගත් තේක්ක දැව කඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාදුරුඔය ජාතික වන උද්‍යානයේ වනජීවි උද්‍යාන භාරකරු බුද්ධික විදානගේ මහතාගේ උපදෙස් මත වනජීවි නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.




2025 දෙසැම්බර් මස 18
114
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේක්ක කඳන් පැටවූ ලොරි රථයක් අත්අඩංගුවට