Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 මාර්තු මස 04 වන බ්‍රහස්පතින්දා
(ටී එල් ජවුෆර්ඛාන්)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නවතා දමා තිබූ මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වන මීනගයා දුම්රිය ඊයේ (25) රාත්‍රී සිට යළි ගමන් ආරම්භ කළේය.
ඊයේ රාත්‍රී 8.15 ට මඩකලපුව දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වූ දුම්රිය අද (26) උදෑසන 5.30 ට කොළඹ දුම්රිය ස්ථානයට ළඟාවිය.
සෞඛ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කරමින් මගීන්ගේ නම් ලියාපදිංචි කර ශරීර උෂ්ණත්වය පරික්ෂා කර දුම්රියට මගීන් ඇතුළත් කර ගනු ලැබිණි.
පසුගිය දින කීපයකට පෙර දිවා කාලයේ දුම්රිය සේවා ආරම්භ කර ඇති අතර දිනපතා උදේ 6.10 , සවස 5.10 හා රාත්‍රී 8.15ට මඩකලපුවේ සිට දුම්රිය සේවාව සිදුකරන බව මඩකලපුව දුම්රිය ස්ථානාධිපති ඒ වී නුෆයිස් පැවසිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.