(එන්. ආරච්චි)               
 
කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ තන්නිමලේ ප්‍රදේශයේ දී අද (10) ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු තුවාල ලබා ඇති බවට බුලත්කොහුපිටිය පොලීසිය පවසයි.

තුවාලකරුවන් උදුගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් කිහිපදෙනෙකු බරපතල තත්වයේ පසුවන අතර සියලු දෙනාම කෑගල්ල මහා රෝහල වෙත මාරු කර යවා තිබේ.
 
කාන්තාවන් 4 දෙනෙකු ද තුවාල ලබා ඇත.
 
තුවාලකරුවෝ උඩුව,සූරියමල්ගම හා යටිදෑරිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.