(අනීෂා මානගේ)
හම්බන්තොට බඳගිරිය වැවෙහි තහනම් ධීවර කර්මාන්තයේ යෙදුණු අටදෙනකු අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහ බඳගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව නිලධාරීහු කියති.
තහනම් ධීවර ආම්පන්න වන විසිදැල්, නයිලෝන් දැල් සහ මාදැල් භාවිත කරමින් හම්බන්තොට බඳගිරිය වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd