(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.
අද (02) දින දහවල් 12 ට පමණ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ පිහිටි වතු කම්කරු නිවාස අසලටම පැතිර ආ බව වතු කම්කරුවෝ කියා සිටිති.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.වන වගා රක්ෂිතයට ගිනි තැබිම නිසා එම රක්ෂිතයේ සිට පහලට ගලා බසිනා ස්වභාවික ජල උල්පත් රැසක් ද සිදී යාමේ අවදානමට ලක් වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නෙන් අක්කර 5 ක් විනාශයි
Pradeep Wednesday, 03 March 2021 02:30 AM
මිනිසුනේ නුඹලා මේ ගිනි තබා විනාශ කරන්නේ රටේ හදවතයි..