IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු මදුරුවන් බෝකළැයි බණ්ඩාරවෙල පාසල් 8කට නඩු

(ඩී.කේ.රත්න)
 
ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයේ පරිශ්‍ර පවත්වාගෙන ගිය, බණ්ඩාරවෙල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් පාසල් 8කට අද(14) නඩු පැවරූ බව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
 
ඌව පළාත් අණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ක්‍රියාත්මක කරන ලද, ඩෙංගු තුරන් කිරීමේ විශේෂ වැටසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්, බණ්ඩාරවෙල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඩෙංගු මැඩලීමේ නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පාසල් හඳුනාගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.
 
මීට සතියකට පමණ පෙරද මෙම විද්‍යාලවලට ඩෙංගු බෝවීමේ ස්ථාන විනාශ කරන ලෙසට දැනුවත් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වා මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යාම හේතුවෙන් නඩු පවරා තිබිණි.
 



අදහස් (0)

ඩෙංගු මදුරුවන් බෝකළැයි බණ්ඩාරවෙල පාසල් 8කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site