(රොමේෂ් මධුෂංඛ)
                   
මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක හැපීමෙන්  මී ගවයින් 12 දෙනෙකු මිය ගොස් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
 
ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් මාර්ගයේ එඩ්ඩුසුඩාන් කතෝලික පල්ලිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
 
 ටිපර් රථය අධික වේගයකින් පැමිණි බවත් එම අවස්ථාවේ මී ගව රංචුව මාර්ගය හරහා මාරුවෙමින් සිටි බවත් රියදුරුට රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මී රංචුව යටකර ගෙන ගිය බව මී ගවයින්ගේ හිමිකරු පොලීසියට පවසා ඇත.
 
එම මී ගවයින් යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී ඇති බවද හිමිකරු කියාසිටී.
 
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.