(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
පාසැල් ශිෂ්‍යාවක බරපතල අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ඇගේ බාප්පා සැකපිට නාකියාදෙනියේදී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය කියයි.
පොලිසිය පවසන්නේ වින්දිත දැරියගේ දෙමාපියන් ඇය සිය මිත්තනියගේ නිවසේ තබා රැකියා කටයුතු සඳහා පිටත්ව ගොස් සිටි අවස්ථාවක සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ෂණයේදි අනාවරණය වී ඇත.
අපයෝජනයට ලක් වූ දැරිය 15 හැවිරිදි වියේ පසුවන බවද පොලිසිය කියයි.
දැරිය වෛද්‍ය පරික්ෂණය සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර තිබේ.
සැකකරු අද (12) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd