(කාංචන කුමාර ආරියදාස)
ජර්මානු ජාතික සංචාරක පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ දී අද (20) සිසිල් බීම දන්සලක් පැවැත්වූහ.
දඹුල්ල විහාර හන්දියේ තරුණ පිරිස සහ විදේශීකයන් එක්ව දන්සල සංවිධානය කර තිබිණි.
ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
සිසිල් බීම වීදුරුවක් ලබාදෙන විදේශීකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කිරිම මෙහිදී සිදුවිය.
ජර්මානු ජාතික කාන්තාවක් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍යය සැමරීමට හැකිව තිබෙන බවයි. එමෙන්ම විදේශීය රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ඇය ආරාධනාවක් ද කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd