IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුවන් හමුදා ඇඳුමක් මත්තෙගොඩින් හමුවෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව මත්තේගොඩ නිවාස සංකීර්ණයක් අද (25) දවස පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගුවන් හමුදා ඇඳුමක්, හෙල්මටයක් සහ බඳපටියක් තිබී හමුවූ බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මෙම මෙහෙයුමේදී නිසාස 1200ක් සහ වාහන 500ක් පමණ පරීක්ෂාවට ලක්කෙරිණි.

එහිදී නිවාස සංකීර්ණයේ මහල් නිවසක කුලී පදනම මත පදිංචි පුද්ගලයකු සන්තකයේ තිබී යුදහමුදා නිලධාරීන් පළඳින හෙල්මටයක් සහ බඳ පටියක්ද, තවත් නිවසක තිබී ගුවන් හමුදා නිලධාරීන් පළඳින ඕවරෝල් ඇඳුමක්ද සොයාගත් බව කියයි.

බඳපටිය සහ හෙල්මටය තිබී හමුවූ නිවසේ පුද්ගලයා පවසා ඇත්තේ එය තමාගේ නොව නිවසේ හිමිකරුගේ බවයි. ඒ අනුව නිවසේ හිමිකරු කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ගුවන් හමුදා ඕවරෝල් ඇඳුම කැඩෙට් නිලධාරියකු සන්තකයේ තිබී ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගුවන් හමුදා ඇඳුමක් මත්තෙගොඩින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 723 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site