(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ගුරුවරයකුට එම ප්‍රදේශයේ පුද්ගලයකු පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් අද(10) පාසල් ගුරුවරු, ආදි ශිෂ්‍ය සංගමය, මව්පියවරු සහ සිසුහු උද්ඝෝෂණයක නිරතවූහ.
පහර කෑ බව කියන ගුරුවරයා පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇත.
ඊයේ(09) දහවල් පාසල නිම වී නිවස කරායමින් සිටි, එම විද්‍යාලයේ ආගම උගන්වන ගුරුවරයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය පැයකට ආසන්න කාලයක් පැවැත්වුණු අතර මේ හේතුවෙන් පානදුර - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල විය.
උද්ඝෝෂණයට පාසල් සිසුන් සහභාගී කරගැනීම වැරදි බවත්, එම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බවත්, පානදුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා විරෝධයේ යෙදුණු පිරිසට පෙන්වා දුන්නේය. ඒ සමඟ සිසුන් පාසල වෙත යොමු කර උද්ඝෝෂණය නැවතූ පිරිස විසිර ගියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුරුවරයකුට පහරදුන්නැයි එළුවිල පාසලක ගුරුවරු- සිසුහු විරෝධයක