IMG-LOGO

ගිලාබැසීමේ අවදානමකින් හැටන් වතුනිවාස 4 ක පිරිස ආරක්ෂිත ස්ථානවලට

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් කිව් වත්තේ, වතු නිවාස පේලියක් ගිලා බැසීමේ අවදානමට ලක්වීම හේතුවෙන් නිවාස 4 කට අයත් සාමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරියේ නිලධාරීහු සහ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා අද (16) කටයුතු කළහ.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම වතු නිවාස පේලියේ බිත්ති ඉරිතලා කඩා වැටීමේ අවධානමකට ලක් වී ඇත.
 
වසර 60 කට වඩා ඉපැරණි මෙම වතු නිවාස පේලිය මේ වන තෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, පසුගිය දින කිහිපය තුළ නිවාස පේලියේ බිත්ති ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් එම නිවාසවල පදිංචිකරුවෝ කියා සිටියහ.
 
එම පදිංචිකරුවන් තාවකාලිකව එම වතුයායේ වතු පාසලේ නතර කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත. අවතැන් වුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආහාර පාන වතු පාලන අධිකාරිය සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇත.



අදහස් (0)

ගිලාබැසීමේ අවදානමකින් හැටන් වතුනිවාස 4 ක පිරිස ආරක්ෂිත ස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 504 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site