(ඩී.ජී. සුගතපාල)
පොද්දල කීඹිඇල ශ්‍රි විජයවර්ධන විහාරස්ථානය අසලදි විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙක් අද(13) සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරු ඇල්පිටිය ඉගල්කන්ද වත්තේ 23 හැවිරිදි කම්කරුවෙකි.
පොලිතින් බැගයක් එල්ලාගෙන විහාරස්ථානය අසල සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටිනවිට පොලිස් නිලධාරින් ඔහු පරික්ෂා කිරිමේදි මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
සැකකරු හෙට (14) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd