(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ග්‍රාම නිලධාරිනියකගේ රාජකාරියට බාධාකළ සහ බලපත් රහිතව තේක්ක දැව ප්‍රවාහනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලොරි රථ රියදුරකු සැප්තැම්බර් 26 වැනි දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(17) නියෝග කළේය.
බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි සැකකාර රියැදුරෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි.
පසුගිය 02 වැනි දින බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් තලංගම ග්‍රාම සේවා වසම තුළ, බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් නතර කළ තලංගම ග්‍රාම සේවා නිලධාරිනිය එය පරීක්ෂා කිරීමේදී, එම රියැදුරා ඇයගේ රාජකාරියට බාධා කර ඇත.
මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනිය විසින් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබිණි. පොලිස් නිලධාරීන් රියදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, අද(17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
බලන්ගොඩ පොලිසියේ නුවන්(39448) සහ ආරියසේන (32186) යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ රියැදුරු යළි රිමාන්ඩ්