
(සමන් පාලිත නානායක්කාර)
බෝර දමා ගල් කඩමින් සිටියදී හදිසියේ ගල් බෝරයක් පුපුරා අද (10) ඇල්ල බල්ලකැටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.
බල්ලකැටුව මාර්ගයේ අයිනක බෝර දමා ගල් කඩමින් සිටි තිදෙනකු ගල්බෝරයට නූල සවි කරමින් සිටියදී හදිසියේ ගල පුපුරා ගල් කැබලි ශරීරයේ වැදී මෙම තිදෙනා බරපතළ තුවාල ලබා තිබේ.
අවුරුදු 48, 22 සහ 18 වයසේ පසුවන බල්ලකැටුව ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd