( වසන්ත චන්ද්‍රපාල)
අම්පර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මරදමුනේ ගම්මානයේදි විකිණිමට සකස් කරන ලද ගංජා පැකට් 77 ක් සමග සැකකරුවෙක් කල්මුනේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රදේශයේ ගංජා විකුණන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණු අතර මෙම ජාවාරම කරන ලද පුද්ගලයා පොලීසිය මවග හරිමින් මෙම ජවාරම කර තිබේ.
පසුව ඇදිරි නීතිය අවස්ථාවේ පොලිස් උපාය දුතයකු යොදවා ගංජා විකුණන අවස්ථාවේ මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරින් සමත් වි ඇත.
මෙම ගංජා සමග ඔහුගේ යතුරු පැදිය, ජංගම දුරකථනය අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරැගේ නිවස පරීක්සා කිරිමේදි නිවස තුල තිබි කඩුවක්ද සොයා ගැනිමට පොලිස් නිළධාරින් සමත් වි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd