IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝමාරිකා ජනපදයේ සාර්ථක බඩඉරිගු වගාවක්

(නිශාන්ත කුමාර)

දැඩි නියගය හමුවේ ඉතා සුළු ජල ප්‍රමාණයක් ගොවිබිම් වෙත සැපයුව ද  එම ජල ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කර ගත් කෝමාරිකා ගොවි ජනපදයේ ගොවීහු මෙවර යල් කන්නයේ සිය බඩ  ඉරිඟු වගාවන් ඉතා සාර්ථක කරගෙන ඇතැයි ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු   ඉංජිනේරු සහකාර මාධව ඉන්දික   රත්නායක මහතා පැවසීය.

පසුගිය වසර කීපය හා සැසැදීමේදී මෙවර ව්‍යාපාරයේ අස්වැන්න දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ද හෙතෙම වැඩි වැඩිදුරටත් පැවසීය.

එහිදී රත්නායක මහතා මෙසේ ද පැවසීය.

කෝමාරිකා ව්‍යාපාරයේ  අක්කර 3000 ක් පමණ මෙවර බඩඉරිඟු වගා කර තිබෙනවා.  වෙනදා වගා නොකළ ඉඩම් පවා මෙවර කන්නේ දී වගා කර තිබෙනවා. ගියවර කන්නයේ    ව්‍යාපාරයේ බඩ ඉරිඟු වගාවෙන් ගොවිජනතාව රුපියල් කෝටි 20 ක පමණ ආදායමක් ලැබූ අතර එය මෙම වසරේ දී කෝටි 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.

පැවැති නියඟයත් සමඟ ඉතා සුළු  ජල ප්‍රමාණයක් ගොවි බිම් වෙත සැපයුවත් ගොවීන්ගේ  සහ නිලධාරීන්ගේ කැපවීම හා ජල කළමනාකරණ මත මෙම  සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළ යුතුයි.

මේ වන විටත් වගාව ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි මාසයක පමණ කාලයක් තුළ අස්වැන්න නෙලීමට හැකි බවද සඳහන් කරනවා.



අදහස් (0)

කෝමාරිකා ජනපදයේ සාර්ථක බඩඉරිගු වගාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site