(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ මඩකලපුවේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාර ස්ථානයකින් කෝටි 10ක රන් භාණ්ඩ කොල්ල කෑ සිව්දෙනෙකු අද(14) අත්අඩංගුවට ගත් බවට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ආයතනයේ සේවය කළ බදුල්ල ප්‍රාදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු, මඩකලපුවේ පදිංචි කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකි.
මඩකලපුව නගරයේ පිහිටි ප්‍රකට ස්වර්ණාභරණ අලෙවිකරන ස්ථානයකින් සැකකරුවන් පසුගිය දිනක රාත්‍රියේදී මෙම රන් භාණ්ඩ කොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ. මඩකලපුව මුලස්ථාන පොලිසිය කළ විමර්ශන අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සිව්දෙනා මඩකලපුව මුලස්ථාන පොලිසියේ රඳවා වැඩිදුර පරීක්ෂණ පවත්වයි. විමර්ශන අවසන්වු වහාම මඩකලපුව මහෙස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 10 ක රන් භාණ්ඩ කොල්ලකෑ සිව්දෙනෙකු දැලේ